27 C
Colombo
25/04/2026

ජී.එල් ගෙන් පොහොට්ටුවට අභියෝගයක්

Share with your friends :

හැකිනම් තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සභාපතිධූරයෙන් ඉවත් කර පෙන්වන්නැයි අභියෝගයක් කරන බව නිදහස ජාතික සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.

එම පක්‍ෂය තවමත් එසේ නොකරන්නේ නීත්‍යානුකූලව එය කළ නොහැකි බව දන්නා නිසා යැයි ද හෙතෙම සඳහන් කළේය.

මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මේ බව පැවසුවේ නිදහස ජාතික සභාව මගින් පාර්ලිමේන්තුව අසලදී අද (21) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

Share with your friends :