27 C
Colombo
11/03/2026

රජයේ ආයතන රැසක ලොක්කන්ගේ වැටුප් ගැන සොයයි

Share with your friends :

ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන කිහිපයක ඉහළ නිලධාරීන් ලබන වැටුප් පිළිබඳව සමාලෝචනයක් කරන ලෙස විගණකාධිපති වාර්තා මගින් මුදල් අමාත්‍යාංශයට පෙන්වා දී ඇත.

විදුලිබල මණ්ඩලය, ලිට්රෝ ආයතනය, වරාය අධිකාරිය, ටෙලිකොම් ආයතනය ඇතුළු ආයතන ගණනාවක ඉහළ නිලධාරීන් බොහොම දෙනකු අසාමාන්‍ය වැටුප් ලබන බව විගණන වාර්තා අනාවරණය කර ඇත.

මේවායේ බොහොමයක් වෘත්තිය සමිති සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් හිතුමතේ ගිවිසුම්වලට එළැඹී සිටින බවට විගනන වාර්තා පෙන්වා දෙයි.

මෙම අසාමාන්‍ය වැටුප් ගෙවීම් රාජ්‍ය සේවයේ නෙයකුත් සේවක වැටුප් සමඟ අසමතුලිත භාවයක් ගෙන දී ඇති අතර අදාළ ආයතනවල පාඩු ලැබීමට හේතු වී ඇති බව ද මුදල් අමාත්‍යාංශයට පෙන්වා දී ඇත.

Share with your friends :