27 C
Colombo
10/03/2026

අයවැය ලේඛනය 8 වෙනිදා මැතිසබයට

Share with your friends :

ලබන වසර සඳහා වන අයවැය ලේඛනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන මස 8 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය.

ඉන්පසු ඊට පසු දින සිට ලබන දෙසැම්බර් මස 10 වෙනිදා දක්වා අයවැය විවාදය පැවැත්වීමට තීරණය කර ඇත.

මේ තීරණය ගෙන ඇත්තේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (21) පස්වරුවේ රැස්වුණු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීය.

අයවැය විසර්ජන පනත් කෙටුම්පත (2023) සභානායක සුසිල් ප්‍රේම ජයන්ත මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගිය 19 වැනිදා ඉදිරිපත් කරනු ලැබීය.

Share with your friends :