27 C
Colombo
10/03/2026

වෙළෙඳ ඇමති බඩු මිල ගැන තක්සේරුවක් දෙයි

Share with your friends :

ඉදිරි මාස තුන ඇතුළත මිල වැඩි වීමකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ සාධාරණ මිලකට ලබා දීමට ආණ්ඩුවට හැකියාව තිබෙන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඉදිරියේදී උත්සව සමයක් එළඹෙන හෙයින් ඒ සඳහා අවශ්‍ය කරන බඩු භාණ්ඩ ජනතාවට සැපයීමට සියලු ආනයන කරුවන් සහ දේශීය නිෂ්පාදකයන් ද සුපිරි වෙළඳසැල් සමග ද සාකච්ඡා කර වැඩ වැඩපිළිවෙළක් සකස් කළ බවද වෙළඳ අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙි වන විට බිත්තර නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩ ඉරිගු, කළු ඇට ආදී සියලු දේ වල මිල පහත බැස තිබියදී බිත්තර නිෂ්පාදකයන් තවදුරටත් මිල වැඩි කරන්න ඕනෑ යැයි කියන බව පැවසූ වෙළෙඳ අමාත්‍යවරයා තමා දන්න ආර්ථිකය නම් අමුද්‍රව්‍ය මිල අඩු වෙනවා නම් නිෂ්පාදන වැඩි කරන්න අවස්ථාව ලැබෙන ගමන්ම සාධාරණ මිලකට විකුණගන්න අවස්ථාව ලැබෙන බවද කීය.

බිත්තර සඳහා පාලන මිලක් පවත්වාගෙන යන්නේ ජනතා වෙනුවෙන් බව ද තිරිඟු පිටි මිල දැනට පවතින අයුරින් ඉදිරි මාස කිහිපයේදීත් පවත්වාගෙන යන්න රජයට වගකීමක් තිබෙන බවද වෙළඳ අමාත්‍යවරයා සඳහන් කළේය.

Share with your friends :