27 C
Colombo
10/03/2026

ණය ගැන සාකච්ඡා සුබවාදී

Share with your friends :

මෙරට ණය හිමියන් සමග පැවැති දෙවැනි වටයේ සාකච්ඡා සුබවාදී අවසානයක් කරා එලඹි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

චීනය, ඉන්දියාව සහ ජපානය ඇතුළු බහුතර ණය හිමියන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට නීති සහ මූල්‍ය උපදේශකයන්ගේ සහය ද ලැබුණු බව අමාත්‍යවරයා සඳහන් කළේය.

සියලු ණය හිමියන්ට සාධාරණ හා සමානව සලකමින් විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීමට එහිදී එකඟතාව පළ කළ බව ද අමාත්‍යවරයා පැවැසීය.

ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව කිසිදු රටක් කොන්දේසි ඉදිරිපත් කර නොමැති බව අවධාරණය කී සේමසිංහ මහතා ණය හිමි රටවල් ශ්‍රී ලංකාවට පිටුපානු ඇතැයි නොසිතන බව ද කීවේය.

Share with your friends :