27 C
Colombo
08/03/2026

ඉන්දීය රුපියල්වලින් ගනුදෙනු කරන්න ගිනුමක් අරඹයි

Share with your friends :

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්වි පාර්ශ්වික වෙළඳ කටයුතු වලදී ඉන්දීය රුපියල් වලින් ගණුදෙනු කිරීම සඳහා මෙරට බැංකුවක් විසින් ඉන්දියානු රාජ්‍ය බැංකුවේ වොස්ට්‍රෝ ගිණුමක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය කියයි.

වොස්ට්‍රෝ ගිණුම විවෘත කිරීම පිළිබඳව සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් ඉන්දියානු රාජ්‍ය බැංකුවේ දකුණු ආසියානු කලාපීය ප්‍රධානී විකාස් ගෝයල් මහතා සමඟ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා සාකච්ඡාවක්ද පවත්වා ඇත.

Share with your friends :