27 C
Colombo
10/03/2026

තුර්කි භූ කම්පනයට අසු වු ලාංකික කත මරුට

Share with your friends :

තුර්කියේ ඇති වූ භූමි කම්පා මාලාව හේතුවෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට තොරතුරු සොයා ගැනීමට නොහැකිව සිටි ශ්‍රී ලංකික කාන්තාව මියගොස් ඇතැයි අද(12) තහවුරු වූ බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනි හසන්ති දිසානායක මහත්මිය ප්‍රකාශ කළාය.

භූමි කම්පාව හේතුවෙන් කඩා වැටී තිබූ එම කාන්තාව පදිංචි වී සිටි ගොඩනැගිල්ලේ සුන්බුන් මුදවා ගැනීමේ කණ්ඩායම් විසින් ඉවත් කිරීමෙන් පසු ඇයගේ මළ සිරුර සොයාගත් බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසුවේය.

මියගිය කාන්තාව වයස අවුරුදු 64 ක කාන්තාවක් බවත් සිරුර සොයා ගන්නා අවස්ථාවේදී කතෝලික පුජකවරියක සහ ඇයගේ දියණිය එම ස්ථානයේ සිටි බවත් දියණිය තම මවගේ දේහය හඳුනාගත් බවත් දිසානායක මහත්මිය පෙන්වා දුන්නාය.

Share with your friends :