27 C
Colombo
08/03/2026

ඇමැතිවරුන් පත් කිරීම තව කල් යයි

Share with your friends :

නව කැබිනට් මණ්ඩලය( ඇමැතිවරුන්) පත් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලැබුණු පසු කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

මුදල් ප්‍රශ්නය හේතුවෙන් අලුතින් ඇමැතිවරුන් පත් කිරීම මේ අවස්ථාවේදී සුදුසු නැති බව ආර්ථික විශේෂඥයන් රජයට කරුණු පෙන්වාදී ඇත.

අලුතින් ඇමැතිවරුන් දොළොස් දෙනකු පත් කිරීමට රජය මුලින් තීරණය කර තිබිණ.

ඇමැතිවරුන් ලෙස පත් කිරිම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දස දෙනකුගේ ලැයිස්තුවක්ද එම පක්ෂය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පසුගියදා බාරදෙනු ලැබීය.

එහෙත් එම ලැයිස්තුවෙන් පත් කෙරුණේ පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය පමණි.

Share with your friends :