27 C
Colombo
06/03/2026

ඉතියෝපියාවේදී මුදාගත් ශ්‍රීලාංකිකයන් ළඟදීම මෙරටට

Share with your friends :

ඉතියෝපියාවේ ටයිග්‍රේ ප්‍රදේශයේ සිරවී සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 38 දෙනෙකු එරට අඩිස් අබාබා නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත්වීමෙන් මුදා ගෙන තිබේ.
මෙලෙස මුදා ගනු ලැබුවේ ඉතියෝපියාවේ ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවයේ නියුතු වූ පිරිසක් වන අතර එම පිරිසෙන් බහුතරය කාන්තාවෝ වෙති.
විදේශ අමාත්‍යාංශයේ උපදෙස් මත එරට අඩිස් අබාබා නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඉතියෝපියාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය සමඟ සිදු කළ සාකච්ඡාවකින් පසුව මෙම ලාංකිකයන් පිරිස යුධ කලාපයෙන් මුදවා ගැනීමට හැකිවී තිබේ.
මේ පිරිස මේවන විට සිට අඩිස් අබාබා අගනුවර වෙත රැගෙනවිත් තිබෙන අතර මොවුන් ඉදිරි දින කිහිපය ඇතුළත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවද එම තානාපති කාර්යාලය පෙන්වා දේ.

Share with your friends :