27 C
Colombo
08/03/2026

ඡන්දෙට සල්ලි නැති ආණ්ඩුව රට කෑම ගේන්න බිලියන 230ක් වැය කරලා

Share with your friends :

රුපියල් බිලියන 10ක් නැතැයි කියමින් පළාත් පාලන ඡන්දය ඡන්දය නොපැවැත්වූ ආණ්ඩුව පසුගිය මාස පහට රුපියල් බිලියන 230ක ආහාර පිටරටින් ගෙනවිත් තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අද සිගරට් බොන මිනිහා බීඩි බොන තත්ත්වයට පත්වී තිබෙන බවත් මෙයින් පේන්නේ රටේ ජීවන තත්ත්වය පහළ ගිය ආකාරය යැයිද කී ෆොන්සේකා මහතා රටේ බීඩි බොන ප්‍රමාණය සියයට 100කින් වැඩි වී තිබෙන බව කීය.

හරි මාර්ගයේ යා යුතු යැයි රජයේ කිසිම කෙනෙක් තේරුම් ගෙන නැතැයි ද මේ අය හැදෙන පාටක් පෙනෙන්නේ නැතැයි ද කී ෆොන්සේකා මහතා බීඩි ඔතන්නට ඉන්දියාවෙන් ගෙනෙන කොලයෙන් පවා වංචා දූෂණ සිදු වෙමින් පවතින බව සඳහන් කළේය.

Share with your friends :