27 C
Colombo
06/03/2026

අයි.එස්. ත්‍රස්ත සංවිධානයට අලුත් නායකයෙක්

Share with your friends :

අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටෙට් ත්‍රස්ත සංවිධානය ඔවුන්ගේ නව නායකයා ලෙස අබු හෆාස් අල් හෂීමි අල් කුරේෂි තෝරාගෙන ඇත.

මේ බව නිවේදනය කළේ ද අයි.එස්. ත්‍රස්ත සංවිධානයයි.

අබු හෆාස් අල් හෂීමි අල් කුරේෂි ට පෙර, අයි.එස්. නායකයා ලෙස කටයුතු කළේ අබු හුසේන් අල් හුසේනි අල් කුරේෂිය. මොහු සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ දී ඝාතනය විය.

එම ඝාතනය කළේ තම බුද්ධි අංශ සහ හමුදාව යැයි තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පවසා ඇත. සිරියානු තුර්කි දේශසීමාවේ සිරියාවට අයත් පළාත් රැසක තුර්කි හමුදාව මෙහෙයුම් සිදු කරයි.

අයි.එස්. ත්‍රස්ත සංවිධානය පවසා ඇත්තේ අබු හුසේන් අල් හුසේනි අල් කුරේෂි මියගියේ සිරියාවේ හයාත් තහ්රීර් අල් ෂාමාන් කැරැලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් බවය.

හයාත් තහ්රීර් අල් ෂාමාන් යනු තුර්කි හමුදාවට හිතවත් සන්නද්ධ කණ්ඩායමකි.

Share with your friends :