27 C
Colombo
07/03/2026

ඉන්ධන අළෙවිය සියයට 50 කින් පහළට

Share with your friends :

ඉන්ධන මිල අඩු මුදලක පැවැති උත්සව සමයෙන්ට සාපේක්‍ෂව මෙවර උත්සව සමයේ ඉන්ධන අළෙවිය සියයට 40 ත් 50 ත් අතර ප්‍රතිශතයකින් පහළ බැස ඇති බව ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා අද (28) පැවසීය.

සමස්තයක් ලෙස ගත්විට සාමාන්‍ය දිනවල ද ඉන්ධන අළෙවිය ඉන්ධන මිල අඩු මුදලක පැවැති කාලයට සාපේක්‍ෂව සියයට 40 කින් පමණ පහළ ගොස් ඇති බව කී ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා ඉන්ධන මිල ඉහළ යෑම නිසා ජනතාව ගමන් බිමන් සීමා කිරීම සහ වැඩි වශයෙන් පොදු ප්‍රවාහන පාවිච්චි කිරීම මෙයට හේතු වී ඇති බව සඳහන් කළේය.

පිරවුම්හල්වල ඉන්ධන තොග රඳවාගත්තද අළෙවිය පහළ මට්ටමක පවතින බව කී ඒ මහතා පැවසුවේ අළෙවි පහළ ගිය ද ඉන්ධන පිරිවුම්හල් හිමියන් විදුලි බිල සහ සේවක වැටුප් ආදි වියදම් අනිවාර්යෙන්ම දැරිය යුතු බවත්ය.

මෙම තත්වය හේතුවෙනන් බස්නාහිර පළාතෙන් පිටත ඉන්ධන පිරවුම්හල් හිමියන් බොහෝමයක් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් ඒ හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල් වැසී යෑමේ අවදානමක් ඇති බවත් ඒ මහතා කීය.

Share with your friends :