27 C
Colombo
10/05/2026

’සයිනොපෙක්’ පෙට්‍රල් ඩීසල් අඩුවෙන් දෙයි

Share with your friends :

සයිනොපෙක් සමාගම ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් ලීටරයක් සිපෙට්කෝ මිලට වඩා රුපියල් 3ක් අඩුවෙන් අලෙවි කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව එම සමාගම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 17කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 363 ක් වන අතර ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 26 කින් ඉහළ දැමීමෙන් පසු නව මිල රුපියල් 355 ක් බවට පත්ව තිබේ.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් ඛනිජ තෙල් නීතිගත සංස්ථා මිලට සමාන කරමින් රුපියල් 38කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 464 ක් වන අතර සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 41කින් ඉහළ නංවා එහි නව මිල රුපියල් 475ක් බවට පත් කර තිබේ.

Share with your friends :