27 C
Colombo
10/05/2026

රේගුව ඉතිහාසයේ ඉහළම ආදායම ලබයි

Share with your friends :

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු පසුගිය 2023 වසරේ රුපියල් බිලියන 970 ක් හෙවත් රුපියල් කෝටි 97,000 ක ආදායමක් උපයමින් ඉතිහාසයේ වර්ෂයකදී ලැබූ ඉහළතම ආදායම වාර්තා කළ බව ශ්‍රී ලංකා රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂ සීවලි අරුක්ගොඩ මහතා පැවසීය.
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව 2018 වසරේ ලැබූ රුපියල් බිලියන 923 ක් හෙවත් රුපියල් කෝටි 92,300 මීට පෙර ඉහළතම වාර්ෂික ආදායම ලෙස පැවතුණු බව ද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
රේගුව පසුගිය වසරේ (2022) රුපියල් බිලියන 708 ක් හෙවත් රුපියල් කෝටි 70,800 ආදායම් ඉපයූ බව කී ඒ මහතා එම ආදායමට සාපේක්‍ෂව මෙම වසරේ ආදායමේ වර්ධනය සියයට 138 ක් බව ද සඳහන් කළේය.
මෝටර් රථ ආනයනය අත්හිටුවා ඇති පසුබිම සහ බොහෝ ආනයන සීමාකර තිබූ වාතාවරණයක් තුළ මෙවැනි ආදායමක් ලැබීම කැපී පෙණෙන බව ද ශ්‍රී ලංකා රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂ සීවලි අරුක්ගොඩ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Share with your friends :