27 C
Colombo
24/06/2026

සම්බන්ධන් අවුරුදු 8ක්ම විපක්ෂ නායක නිල නිවෙසේ

Share with your friends :

හිටපු විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා විපක්ෂ නායකවරයාට හිමි කොළඹ 7 මහගමසේකර මාවතේ නිල නිවෙසේ වසර 8ක පමණ කාලයක සිට රැඳී සිටින බව වාර්තාවේ.

ඔහු දෙමළ ජාතික සන්ධානයේ නායකයා වශයෙන් කටයුතු කරන තාක් කල් පාවිච්චි කිරීම සඳහා මෙම නිවෙස ඔහුට දිගටම ලබාදී ඇත්තේ පසුගිය යහපාලන ආණ්ඩුවේ ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමැතිවරයා වූ ගයන්ත කරුණාතිලක මහතා විසින් 2019 පෙබරවාරි 26 වැනිදා ඉදිරිපත් කරනු ලැබූ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය හිමිවීමෙන් පසුව යැයි කියති.

සම්බන්ධන් මහතා දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයෙන් ද පසුගිය කාලයේදී ඉවත්විය. දැන් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පමණි.

ඉකුත් 2015 අගෝස්තු පැවැති මහ මැතිවරණයෙන් පසු ආර් සම්බන්ධන් මහතා විපක්ෂ නායක ධූරයට පත්වීමත් සමග ඔහුට මෙම නිල නිවෙස ලබා දී ඇත.

2018 ඔක්තෝබර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කිරීමත් සමග පිහිටු වූ දින 52 ආණ්ඩුව වෙනස් වීමෙන් පසු මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ධුරයට පත් වුවද විපක්ෂ නායක නිල නිවෙස දිගටම පාවිච්චි කරනු ලැබුවේ ද සම්බන්ධන් මහතාය.

Share with your friends :