27 C
Colombo
07/03/2026

ජනාධිපති කාර්යාලය අසල මන්ත‍්‍රී වාහන බලපත‍්‍රවලට එරෙහි විරෝධතා

Share with your friends :

ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්වයක් අද පෙරවරුවේ හටගෙන තිබේ.

ඒ එම කාර්යාලය ඉදිරිපිට අල්ලස දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයක් හේතුවෙනි.

තීරුබදු රහිත වාහන බලපත‍්‍ර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යළි ලබාදීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ඔවුන් එහි විරෝධයේ යෙදුනහ.

විරෝධතාකරුවන් සිය විරෝධය ආරම්භ කිරීම සමග පොලිසිය විසින් මැදිහත් වී ම එය විසුරුවා හැරීමට කටයුතු කරද්දී උණුසුම්කාරී තත්ත්වය ඇති විය.

Share with your friends :