මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රාන්ත හතරක ප්‍රතිඵල බල රහිත කරන ලෙස ඉල්ලමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ආධාරකරුවන් විසින් ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කල පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතිෂේප කර තිබේ.
මේ සමග ජනාධ්පති ට්‍රම්ප් හට තිබු අවසන් බලාපොරොත්තුව ද අහිමිවී තිබේ.
ජෝ බයිඩන් ජයග්‍රහණය කල පෙනිසිල්වේනියා, මිචිගන්,ජෝර්ජියා සහ විස්කොන්සින් ප්‍රාන්තවල ඡන්ද ප්‍රකාශ කිරීමේදී අක්‍රමිකතා සිදුවූ බව පවසමින් අදාළ ප්‍රාන්ත ප්‍රතිඵල අවලංගු කරන ලෙස ඉල්ලමින් ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රබල ආධාරකරුවකු වන ටෙක්සාස් ජනපදයේ නීතිපති කෙන් පැක්ස්ටන් ඇතුළු පිරිසක් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.
ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා ජනාධිපති ට්‍රම්ප් විසින් පත් කරන ලද විනිසුරුවරුන් ගනනාවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටියදී ඔවුන් කිසිවකු ට්‍රම්ප් වෙනුවෙන් කිසිදු පියවරක් නොගැනීම මෙහිදී කැපී පෙනේ. ජනාධිපතිවරණය ආසන්නයේ පවා තම අභිමතය පරිදි ට්‍රම්ප් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරියක් පත් කරන ලදී. කිසිදු කරුණක් මත ප්‍රජාතන්ත්‍රවාදී මුලධර්ම වලට පටහැනිව ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු නොකරන බව මේ තුලින් පෙන්නුම් කෙරෙන බව ඇමරිකානු ජනතාව පවසති.
මේ අනුව ලබන සඳුදා මෙවර ජනාධිපතිවරණ ජයග්‍රාහකයා ලෙස ජෝ බයිඩන් නිල වශයෙන් නම් කිරීමට ඉලෙක්ටෝරල් නියෝජිතයෝ කටයුතු කරනු ඇත.
