27 C
Colombo
08/06/2026

ජූඩ් ශමන්තට සමාව දීම ව්‍යවස්ථාවට පටහැනියි

Share with your friends :

රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවී මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශමන්ත ජයමහ නැමැත්තාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) තීන්දු කළේය.

එස්.තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් මඩුල්ලක් යටතේ මෙම පෙත්සම විභාගයට ගැනිණි.

ජූඩ් ශමන්ත ජයමහ නැමැත්තාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමෙන් පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයවී ඇති බවද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

Share with your friends :