27 C
Colombo
08/06/2026

ලංකාවට ’’Starlink’’ ගේන්න අවසර දෙයි

Share with your friends :

ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් අන්තර්ජාල සේවා සැපයීම සඳහා “ස්ටාර් ලින්ක්” (Starlink)වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලික අනුමැතිය ලබා දුන් බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.

විධිමත් මහජන අදහස් විමසීමේ ක්‍රියාවලියකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු හෙට (7) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි.

ලංකාවට “Starlink” සේවය ලබා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දුනීසියාවේ බාලි නුවර පැවැති සමුළුවක් අතරවාරයේ ඊලෝන් මක්ස් සමග සාකච්ඡා පැවැත්වීය.

Share with your friends :