ශ්‍රීලංකා ටෙලිකොම් සමාගමේ නාමය හා එහි නිල ලාංඡනය (LOGO) 2021 ජනවාරි 01 වැනිදා සිට වෙනස් කිරීමට එහි කළමනාකාරිත්වය තීරණය කර ඇතැයි ශ්‍රීලංකා ටෙලිකොම් වෘත්තීය සමිති චෝදනා කරයි.
මේ වන තෙක් මේ සම්බන්ධයෙන් සේවකයන් දැනුවත් කිරීමක් සිදු කර නැතැයිද සේවක වෘත්තීය සමිති චෝදනා කරයි. මෙය ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනය ඇතිකර ගෙන ඇති කීර්ති නාමය නැති කර දැමීමේ කුමන්ත්‍රණයක් බවද වෘත්තීය සමිති චෝදනා කරයි. දශක ගනනාවක් පැවති නාමය හා නිල ලාංඡනය වෙනස් කිරීමට එරෙහිව ලබන සතියේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් ශ්‍රීලංකා ටෙලිකොම් වෘත්තීය සමිති පවසයි.
