27 C
Colombo
07/03/2026

ඉරානයේ නව ජනපති මසූද් පෙසෙෂ්කියන්

Share with your friends :

ඉරාන ජනාධිපතිවරණයෙන් මස්මූඩ් පෙෂෙස්කියාන් ජයගෙන තිබේ. ඔහු 71 හැවිරිදි හදවත් රෝග විශේෂඥ වෛද්‍යවරයෙකි. එසේම බටහිර රටවල් සමග සහයෝගයෙන් කටයුතු කල හැකි ප්‍රතිසංස්කරණවාදියෙකි.

ඉරාන ජනාධිපතිවරණයේ මුල් වටයේදී ඊට සහභාගී වුණු අපේක්ෂකයන් සිවු දෙනාගෙන් කිසිවකුට බහුතර බලයක් හිමි නොවිණි.

ඒ අනුව, වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගත් ප්‍රධාන අපෙක්ෂකයන් දෙදෙනා වන සහීද් ජලීල් සහ ඔහුගේ ප්‍රතිවාදියා මස්මූඩ් පෙෂෙස්කියාන් අතරේ දෙවැනි වටයක් පැවැත්විනි.

ඉරාන මාධ්‍ය අනුව, ජලිලි මිලියන 13.5 ක් ද මසූද් පෙසෙෂ්කියන් මිලියන 16.3 ක් ද ඡන්ද ලබා ගෙන ඇත.

ඉරානයේ කඩිනමින් ජනාධිපතිවරණයක් පැවැත් වූයේ පසුගිය මැයි මාසයේ ඉරාන ජනාධිපති ලෙස කටයුතු කළ ඊබ්‍රහිම් රයිසි ගුවන් අනතුරකින් මියයෑම නිසාය.

Share with your friends :