27 C
Colombo
07/03/2026

නයිජීරියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩාවැටී ළමුන් 22 මරුට – 130 කට තුවාල

Share with your friends :

නයිජීරියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ළමුන් 22 දෙනෙකු මිය ගොස් 130 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.
සිකුරාදා උදෑසන සිසුන් පන්තියේ සිටියදී මෙම අනතුර සිදුවී තිබේ. ළමයින් විශාල පිරිසක් සුන්බුන් යට සිරවී ඇත.
ස්වේච්ඡා සේවකයන් කැණීම් යන්ත්‍ර, මිටිය සහ ඔවුන්ගේ හිස් දෑතින් කොන්ක්‍රීට් ගොඩවල් බිඳ දමා සිරවී සිටි බොහෝ දෙනෙකු බේරා ගෙන තිබේ.
පොලිසිය වාර්තාකරුවන්ට පැවසුවේ කඩා වැටීමෙන් අවම වශයෙන් ළමුන් 22 දෙනෙකු මියගොස් ඇති අතර තවත් බොහෝ දෙනෙක් ප්‍රාදේශීය රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

Share with your friends :