27 C
Colombo
08/06/2026

රෝහල්වල බෙහෙත් 52 ක හිඟයක්

Share with your friends :

රජයේ රෝහල්වල ඖෂධ පනස් දෙකක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රෙම්ෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී අද (08) පැවසිය

එම ඖෂධ ඇනවුම් කර ලැබෙමින් පවතින බවත් හිඟ ඖෂධවලට ආදේශක ඖෂධ පවතින බවත් ඔහු කීවේය.

ජීවිත ආරක්ෂක ඖෂධ සියල්ල රෝහල්වල ඇති බව පැවසූ අමාත්‍යවරයා බෝනොවන රෝග පාලනයට ජාතික මධ්‍යස්ථානයක් ඇති කිරීමට කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව පනත් කෙටුම්පත් නවයක් ඉදිරියේදී ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා කීවේය. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ වෛද්‍ය සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.

Share with your friends :