27 C
Colombo
08/06/2026

සමගි ජන සන්ධානය කොළඹදී එළිදක්වයි

Share with your friends :

සමගි ජන බලවේගය ප්‍රමුඛ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 10 කට අධික සංඛ්‍යාවකින් යුත් සමගි ජන සන්ධානය කොලඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අද (8) එළි දැක්විණ.

ඉදිරි ජනාධිපතිවරනයේදී සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළකිරීමේ අරමුණින් මෙම නව සන්ධානය එළිදැක්විණ.

ජාතික නිදහස සභාව, ශ්‍රී ලංකා නිදහස් පක්ශය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දමිළ ප්‍රගතිශීලී සන්ධානය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, කම්කරු ජාතික පෙරමුණ, කඳුරට ජනතා පෙරමුණ, පුරවැසි බහුජන ව්‍යාපාරය ඇතුළු පක්ෂ සහ සංවිධානය කිහිපයක් සමගි ජන සන්ධානය හා එක්විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන මනෝ ගනේෂන්, රවුෆ් හකීම්, පලනි දිගම්බරම්, ඩලස් අලහප්පෙරුම, දයාසිරි ජයසේකර, ජී එල් පීරිස්, අර්ජුන රණතුංග, වී. රාධා ක්‍රිෂ්ණන් යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ප්‍රධාන දාරාවේ දේශපාලන පක්ෂ වලට අමතරව වෘත්තීය සමිති, සිවිල් සංවිධාන ඇතුලු විශාල පිරිසක් සමගි ජන සන්ධානය සමග ගිවිසුම්ගත විය.

Share with your friends :