27 C
Colombo
08/06/2026

අනාගතය ගැන භය හිතෙන කතාවක්

Share with your friends :

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, මෙම තත්ත්වය හරහා මෙරට අනාගතයටද දැඩි බලපෑමක් එල්ල විය හැකි බවය.

“පසුගිය වසර 10 නිරීක්ෂණය කිරීමේදී දුටු දෙයක් තමයි මෙරට උපත් සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් අඩුවීම. 2013දී උපත් 350,000ක්. 2024දී 228,000ට අඩු වෙලා. ඒ ළමයින්ගෙනුත් යම්කිසි ප්‍රමාණයක් රෝග නිසා රෝහල්ගත වෙනවා. අවුරුදු 20කට කලින් අපි නොදුටු තත්ත්වයක් දැන් උදාවෙලා…ළමා දියවැඩියාව වාර්තාවීම වැඩි වෙලා. ළමා පිළිකා තත්ත්වයන් වාර්තාවීම වැඩිවෙලා. මානසික රෝගවලත් වැඩිවීමක් අපි දකිනවා. මේ වගේ දරුවෝ රෝගී වෙනවා නම් අනාගතය සුබදායක වෙන එකක් නැහැ. අපි හැමෝම මේ ගැන කල්පනාකාරී වුණේ නැත්නම් අපි හැමෝම අමාරු තත්ත්වයකට පත්වෙන්න පුළුවන්.”

Share with your friends :