27 C
Colombo
06/03/2026

වවුනියාව ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා සිටි 16කට කොවිඩ්

Share with your friends :

වවුනියාව ත්‍රස්ත විමර්ශන ඒකකයේ ප්‍රශ්න කිරීම් සඳහා රඳවා සිටි සැකකරුවන් 16 දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කරනවා. සැකකරුවන් 18 දෙනෙකුට සිදුකල පී.සී.ආර් පරීක්ෂණ අතරින් එම ආසාදිතයින් 16 දෙනා හඳුනාගෙන තිබෙනවා. තහවුරු වූ රෝගීන් ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර ත්‍රස්ත විමර්ශන ඒකකයේ කටයුතු කළ පොලිස් නිලධාරීන් 40 දෙනෙකුගේද පී.සී.ආර් පරීක්ෂණ ලබාගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කරනවා.

Share with your friends :