ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම බරපතල කල්ලි වාදයකට හසුවී ඇති බවත් එය කල්ලි කීපයකට කැඩී ඇති බවත් කණ්ඩායම නිසි පරිදි පුහුණුවීම් නොකළ බවත් ක්‍රීඩකයන් රෑට පාටි දමන බවත් පරාජයන්ගේ වගකීම තනිවම තමන්ට භාර ගැනීමට බැරි බවත් ශ්‍රීලංකා ක්‍රිකට් කණඩායමේ හිටපු කළමනාකරු සහ ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති අසන්ත ද මෙල් මහතා පවසයි.
මීලග තේරිම කමිටුවේ සභාපති වෙන්න ඕන මහේල බවත් , තමාගේ කාලෙ සංගක්කාරව විකට් කීප් වලින් අයින් කල බවත් අසන්ත ද මෙල් පවසයි.
ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන ගැටළුකාරී තත්වය සම්බන්ධයෙන් ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම, අසන්ත ද මෙල් සමග පැවැත්වූ සංවාදයකි මේ.
