27 C
Colombo
08/06/2026

කිඹුලා ඇළේ ගුණා ඉන්දු ශ්‍රී ලංකා ඒකාබද්ධ මෙහෙයුමකින් අත්අඩංගුවට

Share with your friends :

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සිත්තයියා ගුණසේකරම් නොහොත් කිඹුලා ඇළේ ගුණා, ඔහුගේ පුත්‍රයා සහ පාතාලයට සම්බන්ධ බුම්මා නැමති එල්.ටී.ටී.ඊ. වෙඩික්කරු ඉන්දු ශ්‍රී ලංකා ඒකාබද්ධ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. ශ්‍රී ලංකා පොලිසිය මාර්ගයෙන් ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර මෙම පාතාල හා කුඩු ජාවාරම් වලට සම්බන්ධ පිරිස අත්අඩංගුවට ගැනුණේ ඉන්දියාවේ චෙන්නායි නුවර සිටියදීයි. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට පුරහලේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කිරීම, එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ට රැකවරණය දීම ඇතුළු මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් හා පාතාල ක්‍රියාවලට චෝදනා එල්ල වී ඇති කිඹුලා ඇළේ ගුණා ඉන්දියාවට පැන ගොස් එහි සිට අපරාධ මෙහෙයවන බවට බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබුණා.

Share with your friends :