27 C
Colombo
07/03/2026

ළමා රෝහලේ දරුවන් 150 කට කොරෝනා දරුවන්ට රෝග ලක්ෂණ ඇත්නම් වහාම රෝහලට යන්න

Share with your friends :

කොරෝනා බවට සැක කෙරෙන රෝග ලක්ෂණ මතු වූ වහාම බිළිඳු දරුවන් රෝහල්ගත කිරීමට පියවර ගන්නා ලෙස වෛද්‍යවරු ඉල්ලා සිටිති.දරුවෙකු ආසාදිත වූ විට රෝහල්ගත කිරීමට ප්‍රමාද වීම රෝගය උත්සන්න වීමට හේතුවක් වී ඇති බැවින් රෝග ලක්ෂණ මතු වූ වහාම බිළිඳු දරුවන් රෝහල්ගත කිරීමට පියවර ගන්නා ලෙස වෛද්‍යවරු ඉල්ලා සිටිති.මේ වන විට කොරෝනා වයිරසය ආසාදනය වූ බිළිඳුන් 150 දෙනෙකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් හඳුනාගෙන තිබේ.
එසේම එම බිළිඳුන්ගේ මාපියන් සිය දෙනකුට පමණ වයිරසය ආසාදනය වී තිබූ බව පැවසේ.
මීට පෙර දින විස්සක් වයසැති බිළිඳෙකු ළමා රෝහලේදී මිය ගියේය.එසේම මාස 18ක බිළිඳෙකු ඉකුත් දා රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මිය ගිය අතර එම බිළිදාගේ මාපියන්ට ද වයිරසය ආසාදනය වී තිබිණි.

Share with your friends :