27 C
Colombo
08/06/2026

වයඹ පළාතේ වාර්ෂික ස්ථාන මාරුවීම් ප්‍රබල ඇමතිවරු දෙදෙනෙකුගේ බලපෑමෙන් නැවතිලා

Share with your friends :

වයඹ පළාතේ සංවර්ධන නිලධාරීන් සඳහා 2021 වසර සඳහා වන වාර්ෂික ස්ථාන මාරුවීම් වයඹ පළාත නියෝජනය කරන ප්‍රබල ඇමතිවරුන් දෙදෙනෙකුගේ බලපෑම් මත වයඹ පළාත් ප්‍රධාන ලේකම් P.B.M. සිරිසේන මහතා විසින් තාවකාලිකව නවතා ගෙන සිටින බවට වයඹ පළාත් රාජ්‍ය සේවකයෝ පවසති.
කළමනාකාර සහකාර සේවයේ හා සංවර්ධන නිලධාරී සේවාවල හා තවත් ශ්‍රේණිවල සේවක සේවිකාවෝ මේ අතර සිටිති.
මේ හේතුවෙන් වයඹ පළාතේ රජයේ සේවකයෝ දහසක් පමණ තම මාරුවීම් ලබා ගත නොහැකිව සිටිති. අදාල් ඇමතිවරුන්ගේ හිතවතුන් පිරිසකට ස්ථානමාරුවීම් ලැබීම නිසා ඔවුන් දැනට සිටින ස්ථානවලම රඳවා ගන්නට මෙසේ ස්ථාන මාරුවීම් ප්‍රමාද කරන බව දැනගන්නට ඇත. මෙසේ ස්ථාන මාරුවීම් ලබා දී ඇත්තේ වසර පහකට වඩා එකම ස්ථානයේ සේවය කල පිරිස් වලටය. මෙහිදී සමුපකාර ක්ෂේත්‍රයේ රජයේ සේවකයන් රැසක්ම තමන් දැනට සේවය කරන ස්ථානය හැර යාම ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්ය.
මේ අතර ඉදිරි දිනවලදී පළාත් සභා මැතිවරණය ප්‍රකාශයට පත් කරන්නට නියමිත අතර එසේ වුවහොත් මේ මාරුවීම් තවත් මාස ගනනාවක් ප්‍රමාද වීමට ඉඩ තිබේ. ඒ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබියදී ස්ථාන මාරුවීම් ලබාදිය නොහැකි නිසාය.

Share with your friends :