27 C
Colombo
07/03/2026

ඉන්දුනීසියාවේ කතෝලික දේවස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

Share with your friends :

ඉන්දුනීසියාවේ සුලවෙසි දුපතේ මකසාර්හි කතෝලික දේවස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබේ. මෙහිදී දේවස්ථානයේ සිටි 14 දෙනෙකු තුවාල ලබා තිබේ.
මෝටර් සයිකලයකින් පැමිණි දෙදෙනෙකු එල්ල කල මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් එම දෙදෙනා මිය ගොස් තිබේ.
මෙම ප්‍රහාරය ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ හෙලා දැක ඇති අතර සම්බන්ධ පිරිස් වලට දැඩි දඬුවම් ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ.
මේ අතර පාප් වහන්සේද වතිකානුවේ දේව මෙහෙයේදී මෙම ප්‍රහාරයෙන් විපතට පත්වුවන්ට ඉක්මන් සුවය ප්‍රර්ථනා කළහ.

Share with your friends :