27 C
Colombo
10/05/2026

ඇප ලැබූ පෙරටුගාමින් දින 14 ක් පල්ලේකැලේ නිරෝධායනයට

Share with your friends :

කොම්පඤ්වීදිය ඩබ්ලිව්. ඞී. රාමනායක මාවතේදී උද්ඝෝෂණයක් කර නිරෝධායන නිති කඩ කළැයි පොලීසිය අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඇතුළු සැකකරුවන් පස් දෙනකු රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා නියෝග කර තිබේ.

කොම්පඤ්ඤවීදිය ප‍්‍රදේශය බාර වෛද්‍ය නිලධාරියා ලබා දුන් වාර්තාවකට අනුව මෙම සැකකරුවන් දින 14ක කාලයක් නිරෝධායනය සදහා යොමු කිරීමට පියවර ගන්නා බව මෙහිදී කොම්පඤ්ඤවීදිය පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත.

ඒ අනුව එම සැකකරුවන් පල්ලේකැලේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් නිරෝධායන කටයුතු සදහා යොමු කර බවද මෙහිදී පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

නිරෝධායන නිති උල්ලංඝණය කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් නිරෝධායන පනත මෙන්ම ලංකා දණ්ඩ නිති සංග‍්‍රහ පනතින් සැකකරුවන්ට එරෙහිව දින 14කට පසු අධිකරණය හමුවේ නඩු ගොනු කිරීමට පියවර ගන්නා බව ද පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත.

Share with your friends :