27 C
Colombo
08/03/2026

සමාජයේ ආසාදිතයෝ දිනකට 30,000 ක් : වෛද්‍ය විශේෂඥයෝ අනුමාන කරති

Share with your friends :

පරීක්ෂණවලින් අනාවරණය නොවුණද කොවිඩ් ආසාදිතයන් 30,000ක් පමණ දිනපතා වාර්තා වන බවට අනුමාන කළ හැකි යැයි වෛද්‍ය විශේෂඥයෝ පවසති.

ලැබෙන තොරතුරු අනුව එවැනි අනුමානයකට යාහැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.

මේ අතර වාර්තාවන සංඛ්‍යාවට වඩා වැඩි ආසාදිතයන් සංඛ්‍යාවක් සමාජයේ සිටිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාද ප්‍රකාශ කළේය.

දැනට දෛනිකව සෞඛ්‍ය අංශවලට වාර්තාවන්නේ ආසාදිතයන් 2000ත් 3000ත් අතර සංඛ්‍යාවක් පමණකි.

Share with your friends :