27 C
Colombo
08/06/2026

ඇලෙක්සි නවලිනිට වසදීමේ සිද්ධියට ඇමරිකාවෙන් හා යුරෝපයෙන් රුසියාවට සම්බාධක

Share with your friends :

රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නවලිනිහට වස දීමේ සිද්ධිය මුල් කර ගෙන ඇමරිකා එක්සත් ජනපදය විසින් රුසියානු නියෝජ්‍ය ආරක්ෂා ඇමතිවරයාට සහ නිලධාරීන් හය දෙනෙකුට සම්බාධක පනවා තිබේ.
මෙම සිද්ධියට රුසියානු රජය වගකිව යුතු බව පරීක්ෂණ වලදී හෙළිදරව්වී ඇතැයි ඇමරිකාව පවසයි.මේ අනුව අදාළ නිලධාරීන්ගේ ඇමරිකාවේ පිහිටි දේපල තහනම් කර තිබේ.
මෙය ඇමරිකානු බයිඩන් පරිපාලනය යටතේ රුසියාවට පැනවුණු මුල්ම සම්බාධකයන්වේ. ජෝ බයිඩන් රුසියාව සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා දැඩි ස්ථාවරයක් ගනු ඇතැයි පැවසේ. රුසියානු ඔත්තු සේවා ප්‍රධානී ඇලෙක්සෙන්ඩර් බොර්ටිනිකොව්,නියෝජ්‍ය ආරක්ෂක ඇමති ඇලෙක්සෙයි කිවරුච්කෝ ඇතුළු ප්‍රධාන පෙලේ නිලධාරීන් පිරිසක් මේ අතර වෙති. මේ අතර යුරෝපා සංගමයද රුසියානු රජයේ ඉහල නිලධාරීන් සිවු දෙනෙකුට සංචාරක තහනම් හස දේපල තහනම් පනවා තිබේ.

Share with your friends :