ලෝක සෞඛ්‍ය සංවිධානයේ “කොවැක්ස් පහසුකම” යටතේ ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 17ක තොගයක් උතුරු කොරියාව වෙත ලබාදීමට නියමිතයි. ලබන මැයි මාසය වන විට එම එන්නත් තොගය එරටට ලැබෙන බව සඳහන් .තම රට තුළ කොවිඩ් ආසාදිතයින් නොමැති බව උතුරු කොරියාව සඳහන් කලද එය සත්‍ය විය නොහැකි බවයි විදෙස් විචාරකයින් සඳහන් කරන්නේ.මේ වනවිට උතුරු කොරියාවට දැඩි සංචරණ සීමා පනවා ඇති අතර එම රට තුළට ඇතුළුවීම තහනම්.
