27 C
Colombo
08/03/2026

රන්ජන්ට ජනපති සමාව ඉල්ලන ලේඛන භාර දෙයි

Share with your friends :

වසර හතරක බරපතළ වැඩ ඇතිව බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ජනාධිපති සමාව ඉල්ලන ඉල්ලා ඔහු විසින් අත්සන් කරන ලද ලේඛන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත භාර දී තිබේ.

නීතීඥවරයෙකු මාර්ගයෙන් රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයාගේ අත්සන් ලබාගෙන විපක්ෂ නායක වරයා වෙත භාර දී ඇත්තේ ජනාධිපතිවරයා වෙත භාර දීම සදහායි.

රාමනායක හිටපු මන්ත්‍රීවරයාට ජනාධිපති සමාව ලබා ගැනීම සඳහා විපක්ෂ නායකයා සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පසුගියදා පවත්වන ලදී.

එහිදී ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ ඒ සඳහා ලිඛිත ඉල්ලීමක් සිදු කරන ලෙසය.

Share with your friends :