27 C
Colombo
06/05/2026

තෙවැනි මාත්‍රාවකට ජනපතිගෙන් උපදෙස්

Share with your friends :

ජනතාවට තෙවැනි එන්නතක් (බූස්ටර්) අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ලෝකයේ ඇතැම් රටවල තෙවැනි මාත්‍රාවක් දැනටමත් යොදා ගෙන ඇතැයිද හෙතෙම සඳහන් කළේ‍ය.

ලෝකයේ වෙනත් රටවල් එසේ කටයුතු කර ඇත්නම් මේ රටටද එසේ කටයුතු කිරීමට සිදුවන බවත් මේ අනුව ඒ සඳහා අවශ්‍ය එන්නත් මිලදී ගැනීමට කටයුතු සූදානම් කරන්නැයි ජනාධිපතිවරයා දැනුම් දුන් බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

මේ අතර මෙරට ජනගහනයෙන් සියයට අනු තුනකට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාවද සියයට 23 කට දෙවෙනි මාත්‍රාවද ලබාදී ඇති බවත් යුද හමුදාපතිවරයා කීවේය.

Share with your friends :