27 C
Colombo
13/05/2026

අමාත්‍යංශ වාහනයකින් ආ පිරිසක් වෛද්‍ය සිසුන්ට පහර දෙති

Share with your friends :

රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ අද අලූයම සිදු වූ ගැටුමකින් වෛද්‍ය සිසුන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

තුවාල ලැබූ වෛද්‍ය ශිෂ්‍යයින්ගෙන් තිදෙනකු උතුරු කොළඹ ශීක්ෂණ රෝහලටත් එක් අයෙක් මීගමුව දිස්ත‍්‍රික් රෝහලටත් ඇතුලත් කර ඇතැයි පොලිසිය පවසයි.

ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ගැටුමකදී එක් කණ්ඩායමක සහාය දැක්වීම සඳහා පිටස්තර පුද්ගලයන් 15 දෙනකු පමණ පැමැණ ඇතැයි ආරංචි මාර්ග පවසයි.

එසේ පිටතින් පැමිණි පිරිස අතර සිටි රාජ්‍ය අමාත්‍යවරයකුගේ රියදුරු බව කියන පුද්ගලයකු සහ නිල රථයක් රාගම පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති අතර එසේ පැමිණි සෙසු වාහනය පිළිබඳව වැඩි දුර පරීක්ෂණ සිදුකරන බව පොලිසිය පවසයි .

පිටතින් ආ පිරිස රජයේ ප්‍රබලයකුගේ ආධාර කරුවන් බව ද ආරංචි මාර්ග පවසයි .

රාගම පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ,අපරාධ අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා මහතා ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

පිටස්තර කණඩායම රැුගෙන ආ සිසුවා මීගමුව දිස්ත‍්‍රික් රෝහලටත් තුවාල ලැබූ සිසුන් තුන්දෙනා උතුරු කොළඹ ශික්ෂණ රෝහලටත් ඇතුලත් කර ඇත .

Share with your friends :