27 C
Colombo
13/05/2026

පොලොන්නරුවේ වි ගන්න රජය සූදානම්

Share with your friends :

රජයේ සහතික මිල යටතේ මෙවර මාස් කන්නයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ වී මිලදීගැනීම සඳහා මධ්‍යස්ථාන 20ක් ආරම්භකර ඇතැයි වී අලෙවි මණ්ඩලය කියයි.

පසුගිය සඳුදා (01) සිට මෙම වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භකර තිබේ.

ඒ අනුව නාඩු වී කිලෝවක් සඳහා රපියල් 92ක් සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 94ක් සහ කීරි සම්බා වී තිලෝවක් සඳහා රුපියල් 97ක් වශයෙන් රජයේ සහතික මිලක් ගෙවන බව වී අලෙවි මණ්ඩලයේ පොලොන්නරුව ප්‍රාදේශීය කලමනාකරු නිමල් ඒකනායක මහතා ප්‍රකාශ කලේය.

මෙවර මාස් කන්නයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ගෙන් වී මෙට්‍රික් ටොන් 50,000ක් මිලදී ගැනීමට රජය බලාපොරොත්තුවන බව ඒ මහතා කීය.

Share with your friends :