27 C
Colombo
25/04/2026

සජබෙන් මුදල් ඇමැතිට විශ්වාසභංගයක්

Share with your friends :

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරන බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයේ මේ වනවිට සාකච්ඡා ආරම්භ වී ඇති බවත් අත්තනායක මහතා ප්‍රකාශ කළේය.

රට පවතින මූල්‍ය අර්බුදය මෙන්ම එය කළමනාකරණය කර ගැනීම සම්බන්ධයෙන් කිසිදු පියවරක් ප්‍රකාශ නොකිරීම, රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් නොකිරීම හා පිළිතුරු නොදීම ආදි කරුණු රැසක් සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බවද ඔහු කීවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ පක්ෂ කළමනාකරණ කමිටුව සාකච්ඡා කර කඩිනමින් මේ සම්බන්ධයෙන් පියවරක් ගන්නා බවත් අත්තනායක මහතා තවදුරටත් පැවසීය.

Share with your friends :