27 C
Colombo
14/05/2026

උද්ඝෝෂකයන්ට නීතිඥ සහාය නොමිලේ

Share with your friends :

සාමකාමි විරෝධතාවල නිරතවීම හේතූවෙන් අයුතු සහගත ලෙස නීතීය හමුවට පමුණුවන ඕනෑම තරාතිරමක පුද්ගලයන් වෙනුවෙන් ගාස්තු රහිතව පැය 24 පුරාම නීතීඥ සහය ලබාදීමට තීරණය කොට ඇති කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණ නීතීඥ සංගමය එම පුද්ගලයන් වෙනුවෙන් නඩු අවසන් වනතුරු නොමිලේ අධිකරණවල පෙනීී සිටීමටද තීරණය කොට ඇත

සාමාන්‍ය ජන ජීවීතය පවත්වාගෙන යෑමට නොහැකි වන ආකාරයට රට තුළ මතුව ඇති අර්බුදකාරි තත්වය සහ ජනාධිපතිවරයා විසින් හදිසි නීතීය පැනවීම නිසා ඇතිවන ගැටළු සාකච්ඡා කිරීම සඳහා කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණ නීතීඥ සංගමය කැඳවනු ලැබු හදිසි මහ සභා රැස්වීමකදී සමකාමී මහජන විරෝධතා පැවැත්වීමට ඇති අයිතිවාසිකම උපරිම ලෙස පිළිගන්නා බව එහි සාමාජිකයන් යෝජනා සම්මත කරගත් බව කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණ නීතීඥ සංගමයේ ලේකම් නීතීඥ රසික සංජීව මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ

මේ සඳහා හදිසි අවස්ථා රෙගුලාසි සම්බන්ධයෙන් ප‍්‍රාමාණික දැනුම ඇති ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු ලේකම් නීතීඥ සංජය ගමගේ පී.ඞී. පෙරේරා, ඇන්ජලෝ බෙනඩික්ට්, සුගත් හෙට්ටිආරච්චි, සරත් සොයිසා, මනෝජ් නානායක්කාර, පාලිත සේනාරත්න, සුසන්ත කුමාර යන නීතීඥවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක්ද පත් කොට ඇත

සාමකාමි විරෝධතා වල නිරතවීම හේතූවෙන් අයුතු සහගත ලෙස අත්අඩංගුවට ගනු ලැබු හෝ නීතීය හමුවට පැමිණවු පුද්ගලයන්ට 071 8316948 සහ 070 7302025 යන දුරකථන අංකවලින් මෙම නීතීඥ කමිටුව සමඟ සම්බන්ධ විය හැක.

Share with your friends :