27 C
Colombo
10/03/2026

බස් රථ ධාවනය සියයට 80 කින් අඩුවෙයි

Share with your friends :

පෞද්ගලික බස් රථ ධාවනය සියයට 80 කින් පමණ නතර වී ඇතැයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

සාමාන්‍යයෙන් බස් රථ 25 ක්, 30 ක් පමණ ධාවනය වන ඇතැම් මාර්ගවල ඊයේ දිනය වන විට බස් රථ දෙකක් පමණක් ධාවනය වන තත්වයට පත්ව තිබූ බවත් ගම්බද මාර්ගවල බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම ඇන හිට ඇති බවත් විජේරත්න මහතා කීය.

පොදු ප්‍රවාහන සේවයේදී පෞද්ගලික බස් රථ විශාල දායකත්වයක් සපයන බව කී විජේරත්න මහතා පැවසුවේ පෞද්ගලික බස් රථ ඉන්ධන ගැටලුව සාකච්ඡා කර විසඳිය යුතු බවතිය.

මෙම තත්වය අඛණ්ඩව පැවතුණ හොත් විශාල ගැටුමකට මුහුණ දීමට සිදුවන බව ද සඳහන් කළේය.

Share with your friends :