27 C
Colombo
14/05/2026

ඇමෙරිකාව රුසියාවට පනවා ඇති ඉන්ධන තහනම ශ්‍රී ලංකාවට අදාල නෑ

Share with your friends :

රුසියානු බොරතෙල් සඳහා ඇමෙරිකාව පනවා ඇති සම්බාධක ශ්‍රී ලංකාවට බල නොපාන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ ඇමෙරිකාව ලබා දී ඇති සහාය පිළිබඳ දැනුම්වත් කිරීම එම හමුවේ අරමුණ විය.

ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් සමඟ රාජ තාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යා යුත්තේ කෙසේදැයි ඇමෙරිකා එක්සත් ජනපදය උපදෙස් ලබා නොදෙන බවත් එය ශ්‍රී ලංකා රජයේ තීරණයක් බවත් ජුලී චන්ග් මහත්මිය පැවසුවාය.

යුක්රේන – රුසියාව යුද්ධය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය රුසියානු බොරතෙල් සඳහා සම්බාධක පනවා ඇතත් එය තුන්වෙනි පාර්ශ්වයකට බල නොපාන බව ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.

ඇමෙරිකා එක්සත් ජනපදයට තම බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට හැකියාව තිබෙන බව ජුලී චන්ග් මහත්මිය පැවසුවාය. ඇමෙරිකා එක්සත් ජනපදය රුසියානු බොරතෙල් සඳහා සම්බාධක පනවා ඇත්තේ ඇමෙරිකාව තුළ පමණක් බවත් තුන්වෙනි පාර්ශ්ව රුසියානු බොරතෙල් මිලදී ගන්නවාද නැද්ද යන තීරණය එම රටවල තීරණයක් බවත් ජුලී චන්ග් මහත්මිය තවදුරටත් පැවසුවාය.

Share with your friends :