27 C
Colombo
26/07/2026

රුසියා තෙල් නියෝජිතයෝ කටුනායකට

Share with your friends :

ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීම පිළිබඳව සාකච්ඡා කිරීම සදහා රුසියානු තෙල් සමාගම් නියෝජිතයෝ දෙදෙනෙක් අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණයහ.

රුසියාවේ මොස්කව් නුවර සහ ශ්‍රී ලංකාවේ කටුනායක අතර ජාත්‍යන්තර ඍජු ගුවන් ගමන් ඇණ හිට තිබීම නිසා මෙම නියෝජිතයෝ බහරේන් හරහා මෙසේ කටුනායක වෙත පැමිණියහ.

මොවුන් දෙදෙනා පිළිගැනීම සදහා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ .

Share with your friends :