27 C
Colombo
13/03/2026

බස්නාහිර පොලිස් කොට්ඨාස 7 කට ඇඳිරි නීතිය පනවයි

Share with your friends :

බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 7 ක සියලුම පොලිස් බලප්‍රදේශ ආවරණය වන පරිදි අද (8) රාත්‍රී 9.00 සිට නැවත දැනුම් දෙන තෙක් පොලිස් ඇඳිරි නීතිය පැනවූ බව පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා නිවේදනය කළේය.

මීගමුව, කැලණිය, නුගේගොඩ, ගල්කිස්ස, කොළඹ (උතුර), කොළඹ (දකුණ) සහ කොළඹ (මධ්‍යම) යන කොට්ඨාසවලට පොලිස් ඇඳිරි නීතිය පැනවූ බවත් එම පොලිස් බලප්‍රදේශවල සියලුම පුද්ගලයන් තමන්ගේ නිවාසවල රැදීසිටියුතු අතරම පොලිස් ඇඳිරි නීතිය කඩ කිරීම මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා බාධා කිරීමත් ලෙස සළකා තදින් නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස්පතිවරයාගේ නිවේදනයේ සඳහන් වේ.

පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බලප්‍රදේශ හරහා ගමන් කිරීම සම්පූර්ණයෙන් තහනම් බවත් ඒ සඳහා වෙනත් විකල්ප මාර්ග භාවිතා කළ යුතු බවත් පොලිස්පතිවරයා එම නිවේදනයෙන් වැඩි දුරටත් පවසයි.

Share with your friends :