27 C
Colombo
11/03/2026

ජනපති ‌තෝරන දින නියම වෙයි

Share with your friends :

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වුවහොත් අභිනව ජනාධිපතිවරයකු පත්කර ගැනීම සඳහා දින තුනක් ඇතුළත පාර්ලිමේන්තු මන්ත්‍ත්‍රීවරුන්ගෙන් නාම යෝජනා කැදවීමට පාර්ලිමේන්තු පක්ෂ නායකයෝ ඊයේ පස්වරුවේ තීරණය කළහ.

ඒ අනුව ලබන පහළොස් වැනිදා සිකුරාදා සිට නාම යෝජනා කැදවීම ටත් නාමයෝජනා කැඳවීම ලබන සතියේ අඟහරුවාදා අවසන් කිරීමටත් මේ අනුව තීරණය කර ඇත.

නාම යෝජනා අවසන් කිරීමෙන් පසු ලබන සතියේ බදාදා හා බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව රැස්වී ඡන්දයක් පවත්වා ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමට නියමිතය.

මේ අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ නායකයන් හෙට උදේ රැස්වී සාකච්ඡා කිරීමටද පස්වරුවේ තවත් සාකච්ඡාවක් පැවැත්වීමට ද එහිදී තීරණය කර ඇත.

සවස පැවැත්වෙන එම සාකච්ඡාවට අරගලයේ නියෝජිතයන්ටද ආරාධනා කිරීමට පක්ෂ නායකයන් තීරණය කර ඇත.

Share with your friends :