27 C
Colombo
11/03/2026

ජනාධිපති ධුරයට සජබෙන් සජිත්ව යෝජනා කරයි

Share with your friends :

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව ජනාධිපති ධූරය සඳහා යෝජනා කිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව අද(11)තීරණය කරනු ලැබීය.

මේ පිළිබඳව යෝජනාව පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ගෙන එනු ලැබීය.

සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද පස්වරුවේ කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්විණ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට(13) ඉවත් වන්නේ නම් ජනාධිපති ධුරය සඳහා සජිත් පේමදාස මහතා නම් කෙරෙන බවත් පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

Share with your friends :