27 C
Colombo
11/03/2026

එක්සත් ජාතික පක්ෂයේ 56 වන සම්මේලනය ඔක්තෝම්බර් 21

Share with your friends :

එක්සත් ජාතික පක්ෂයේ 56 වන සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ඔක්තෝම්බර් මස 21 සෙනසුරාදා පස්වරු 2 ට පැවැත්වීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද(8) තීරණය කළේ ය.

එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද පස්වරුවේ රැස් විය.

පක්ෂය සම්මේලනය සැප්තැම්බර් 10 වැනිදා පවත්වන්නට මීට පෙර තීරණය කර තිබූ අතර වර්ෂා සහිත කාලගුණය නිසා එය කල් දැමීමට පසුව තීරණය කෙරිණි.

Share with your friends :