රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් ජපානය කැලැඹිණි. භූමි කම්පාවත් සමඟ හටගත් සුනාමි රළ ජපානයේ උතුරු වෙරළ තීරයට කඩා වැදුණි.
ජපන් බලධාරීන් පැවැසුවේ, මීටර් 1.2 ක් උසැති රළ ඉෂිකාවා පළාතේ වෙරළ තීරයට කඩා වැදුණු බවය.
ටොයාමා පළාතේ ටොයාමා නගරයට මීටර් 0.8 ක සුනාමි රළ කඩා වැදුණි. සුනාමි රළවලින් හෝ භූමි කම්පාවෙන් හෝ කිසිදු හානියක් සිදු වූ බවට මෙතෙක් වාර්තා නොවෙයි
ඉෂිකාවා පළාතේ නෝටෝ වෙරළ තීරයේ වැසියන්ට වහා උස් බිම් වෙත යන්නැයි බලධාරීන් උපදෙස් දුන් බව ජපානයේ එන්.එච්.කේ. පුවත් සේවය පැවැසීය.
භූමි කම්පාවෙන් මාර්ග බොහොමයක් ඉරිතලා ගොස් තිබුණු බැවින්, ගමනා ගමන කටයුතු අඩපණ විය.
35,000 ක පිරිසක් විදුලි බලය නොමැතිව පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
භූමි කම්පාවෙන් දෙදෙනකු මියගිය බවත්, තුවාල ලැබූවන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව පැවැසෙයි.

