27 C
Colombo
16/05/2024

පිරිමින් ආකර්ෂණය කරගන්නා ස්ත්‍රී මායම් 64 මෙන්න

Share with your friends :

ලොව ඕනෑම කාන්තාවක් ආකර්ශනීයයි. ඒ එක එක විදිහට. සුන්දරත්වය එකිනෙකාට වෙනස් … එක්කෙනෙකුට ලස්සන දෙයක් තවත් කෙනෙකුට ලස්සන නැහැ… ඒත් තවත් කෙනෙක් ලස්සන දකින්නේ තවත් විදිහකට…. කොහොම වුනත් ලෝකය මේ තරම් ලස්සන වෙලා තියෙන්නේ මේ විවිධත්වය හින්දම වෙන්න ඇති … ඒත් මොන විදිහේ වුනත් අන්තිමට පොදු ගුනාකාරයක් විදිහට ගත්තම ලෝකේ කොයි පැත්තේ හිටියත් කාන්තාවෝ කියන්නේ කාන්තාවොම තමයි ….. මොන ජාතියකට , මොන ආගමකට, මොන රටකට .. අයත් වුනත් පොදුවේ කාන්තාවෝ එක්තරා දුරකට සිතන පතන විදිහ එඅ සමානයි කියලා බොහෝ සමාජ විද්‍යාඥයෝ පවා කියනවා,
කාන්තාවකගේ ආකර්ශනීයභාවය ඉතාම සුන්දර දෙයක්. ඇත්තටම මේ ආකර්ෂණය ලබාගන්න උවමනාවෙන්ම හෝ කිසිම ආයාසයකින් තොරව කරන සමහර ක්‍රියාවන් ස්ත්‍රී මායම් ලෙස සමහරු හැඳින්වෙනවා , මේ වගේ මායම් 64 ක් ගැන කියවෙනවා , මේ ස්ත්‍රී මායම් 64 සැම කාන්තාවකටම අඩු වැඩි වශයෙන් තියෙන බව තමයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ. ඒ හැමෝම කතා කරන හැටහතර මායම් තමයි මේ…..

1. නෙතඟින් බැලීම

2. ඇස්‌ කරකැවීම/ ඇස්‌ නැටවීම

3. ඇස්‌ පියවීම.

4. ඇස්‌ නෙරා බැලීම.

5. ඇස්‌ සම්පූර්ණයෙන් වැසීම.

6. ඇස්‌ අඩක්‌ වැසීම.

7. වරින් වර බැලීම.

8. වෙනතක්‌ බලා සිටීම.

9. යමක්‌ සිඹීම.

10. නාසය අකුලා ගැනීම

11. සුසුම් ලෑම.

12. තොල පිට පෙරළා සිනාසීම.

13. කට කොනට නගා සිනා සීම.

14. කොක්‌හඬලා සිනාසීම

15. තොලින් තොල හැපීම

16. රෙද්ද ලිහා නැවත ඇඳීම.

17. දිව දික්‌ කිරීම.

18. දිව විකා පෙන්වීම.

19. දිව නැටවීම

20. කෑරීම.

21. බොරු කැස්‌ස.

22. පැළඳ සිටින ආභරණ වරින් වර ඇල්ලීම.

23. හුරු අත වැනීම.

24. බඩ අත ගෑම (හේතුවක්‌ නැතිව)

25. අත් කැසීම (හේතුවක්‌ නැතිව)

26. පය කැසීම (හේතුවක්‌ නැතිව)

27. දොරකඩ රැක සිටීම

28. අත් දෙක බැඳගෙන ලතාවට සිටීම.

29. දෙපා බරකර යැම.

30. පයින් ඉරි ඇඳීම

31. පයින් පය ගැටීම

32. අවයව පෙනෙන ලෙස සිටීම.

33. අවයව පෙනෙන ලෙස ඉඳගෙන සිටීම.

34. අවයව පෙනෙන ලෙස නිදා ගැනීම.

35. හේතුවක්‌ නොමැතිව අවේලාවේ නිදා ගැනීම.

36. . ලයෙහි අත තැබීම.

37. කතා නොකර සිටීම.

38. දෙපා විහිදාගෙන සිටීම.

39. උඩ බලාගෙන සිටීම.

40. කර බාගෙන සිටීම.

41. නාභිය පෙනෙන පරිදි රෙදි ඇඳීම.

42. බොළඳ ලෙස කථා කිරීම.

43. ඉඟටිය නැටවීම.

44. මදක්‌ නැමී බැලීම.

45. උරහිස නැටවීම.

46. පියයුරු තද කර ඇඳීම.

47. පයෝධර නැටවීම.

48. දුවගොස්‌ ගෙට වැදීම.

49. දොර කවුළු ආදියෙන් එබී බැලීම.

50. බොරුවට ඈනුම් ඇරීම.

51. කොණ්‌ඩය ලිහාගෙන යෑම.

52. මඟ යමින් ආපසු හැරී බැලීම (කෙස්‌ වැටිය අතරින් බැලීම.)

53. වස්‌ත්‍රයේ කොනක්‌ අල්ලාගෙන යැම.

54. ශබ්ද කොට කතා කිරීම.

55. දරුවන් සමඟ බොරු හුරතල් කිරීම.

56. කෝප වූවකු මෙන් කතා කිරීම.

57. බුලත් කෑමේ ගිජු බවක්‌ දැක්‌වීම.

58. කවට වචන කතා කිරීම.

59. පිරිමින්ගේ අගුණ කීම.

60. බොරු නෑකම් කීම.

61. ස්‌ත්‍රීන්ගේ අගුණ කීම.

62. බොරු ක්‌ලාන්ත ගතියක්‌ දැක්‌වීම.

63. විසිතුරු දෙයක්‌ දෙස බලා වඩා කුහුලක්‌ දැක්‌වීම.

64. ඉතා සුළු දෙයටත් බොහෝ බියවීම.

Share with your friends :